Mitsuko Tottori

ගුවන් සේවිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මිට්සුකෝ ටොටෝරි ජපානයේ ප්‍රධාන JAL ගුවන් සේවාවේ පළමු සභාපතිනිය ලෙස පත් කර තිබෙන අතර මේ පිලිබඳ සිරස්තල එරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශේෂ කතාබහක් මතුකරදී තිබේ. ඇය මෙම තනතුරට පත් "පළමු කාන්තාව" වීම සහ "හිටපු ගුවන් සේවිකාවගේ තත්වයේ සිට "අසාමාන්‍ය" මතුවීම“ ගැන මෙම සාකච්ඡා පදනම්වී ඇත.



එක් වෙබ් අඩවියක් ඇයව විස්තර කළේ "පිටසක්වල අණුවක්" හෝ "විකෘතියක්" ලෙසිනි,

ඇය දශක දෙකකට පෙර JAL විසින් මිලදී ගත් ඉතා කුඩා ගුවන් සේවයක් වන Japan Air System (JAS) හි සේවය කර ඇති බවට සඳහන්ය.

JAL නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 1985 දී ගුවන් සේවයට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ කළමනාකාර විධායක නිලධාරියෙකු වන Mitsuko Tottori ජපන් ගුවන්සේවා ඉතිහාසය වෙනස් කරමින් සභාපති ලෙස වැඩ භාර ගන්නා බවයි.
ජපානයේ රැකියා ස්ථානවල ස්ත්‍රී පුරුෂ භේදය සැලකියයුතු දුරස්ථබාවයකින් අසමානතාවකින් යුතුය. මේ වනවිට එම ආයතනයේ පමණක් කාන්තා සේවිකා ප්‍රතිශතය සියයට 22 කි. රැකියාවන්හි වේතන සැලකීමේදී ජපානයේ කාන්තාවන්ට පවතින්නේ අඩු සැලකිලිය.
රටේ විශාලතම ගැටලුවක් ලෙස ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පවතින අතර  ජපානයේ ඉහළ තනතුරු වැඩිමනක් පුරුෂයින් සතුය.

"වෘත්තීය පියවරයන් සමඟ පොරබදමින් හෝ විශාල ජීවන බරකින් යුතු සේවිකාවන් අප සතුව සිටින අතර ඔවුන්ට යහපතක් සැලසිය යුතුය" ටොටෝරි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.2026 මාර්තු වලින් අවසන් වන මූල්‍ය වර්ෂය  වන විට, JAL හට එහි කළමනාකරුවන්ගෙන් 30%ක් කාන්තාවන් වීමට අවශ්‍ය යයි ඇය පැවසුවාය.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ පිරිහීමෙන් යථා තත්ත්වයට පත් වීමට සහ සංචාරකයින් ජපානයට ආපසු යාම විධිමත් කිරීමට  මෙන්ම මෑතක සිදුවූ ගුවන් අනතුරු නැවත ඇතිවීම වැළැක්වීමට ගුවන් සමාගම ක්‍රියා කරන බැවින් මෙම පියවර ගෙන ඇතැයි මාධය වාර්තා සඳහන් කර තිබේ.



මේ මාසයේ ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේදී JAL ගුවන් යානයක් සහ ජපන් වෙරළාරක්ෂක ගුවන් යානයක් අතර ගැටීමෙන් පසුව, ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබේ. ගුවන් යානය ගිනි ගන්නා විට එහි සිටි 379 දෙනාමදිවි බේරාගැනීමට සමත් වූ නමුත් ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවිය.

JAL ට අනුව, ආරක්ෂිත මෙහෙයුම් සහ නඩත්තුව සම්බන්ධයෙන් ටොටෝරි "ඉහළ මට්ටමේ අවබෝධයක් සහ ක්ෂේත්‍ර අත්දැකීමක්" ලබා ඇති අයෙකි.
හිටපු ගුවන් සේවිකාවක් ලෙස, ටොටෝරි මහත්මිය ගුවන් ආරක්ෂාවේ වැදගත්කම මුලින්ම ඉගෙන ගත්තාය.

1985 දී ඇය ගුවන් සේවිකාවක් බවට පත් වී මාස හතරකට පසු, ඔසුටාකා කන්දේදී පුද්ගලයින් 520 දෙනෙකුට මරු කැඳවූ ගුවන් ඉතිහාසයේ මාරාන්තික තනි ගුවන් යානා අනතුරට ජපන් එයාර්ලයින්ස් සම්බන්ධ විය.
වත්මන් සභාපති Yoshiharu Ueki, කොටස් හිමියන්ගේ අනුමැතියට යටත්ව අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගැනීමටත් ජුනි මාසයේදී අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීමටත් සැලසුම් කර තිබේ.